Beauty
එක රැයකින් කුරුලෑ අතුරුදන් වන නිවසේදීම සදා ගත හැකි හොඳම ආලේපන මෙන්න
කුරුලෑ නිසා ඇති වන කාංසාව නව යොවුන් වියේ පසුවන්නන් අතර පමණක් නොව,වැඩිහිටියන්ද මුහුණ පා ඇති ප්රශ්නයකි. මෙම ගැටලුවට මුහුණ දුන් ඕනෑම කෙනෙක් මෙහි ඇති උපරිම බලපෑම පිළිබදව දන්නවා.එයට අනිවාර්යයෙන් එකිනෙකට වෙනස් වූ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙනවා.
මුහුණු ආලේපනයක් (Facial Mask) යනු නිසි සමක් ලබා ගැනිමට බාහිරව දෙන රැකවරණයකි.බොහෝ විට මෙය කුරුලෑ ප්‍රවණතාවයක් ඇති සමකට භාවිතා කල යුතුයි.
සම්පූර්ණයෙන්ම ස්වාභාවික මුහුණු ආලේපන පිළිබදව අද ඔබට පෙන්වා දෙන අතර මෙයින් මුහුණේ සිදුරු පිරිසිදු කර සමෙහී ස්ථාවර බව පවත්වාගෙන යමින් කුරුලෑ පෙනුම හා ඉන් ඇති වුන සමෙහි රත්පැහැ ගැන්වීම නැති කර දමයි.ඔබට කුරුලෑ සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම්, මෙය උත්සාහ කිරීම වටී. ඔබ ඔබේ මුහුණ මත හොඳම බලපෑමක් ඇති කරන මුහුණු ආවරණ (Facial Mask) සොයා ගත් විට, එය සතියකට දෙවරක් කිරීමෙන් ඔබේ සම විස්මය දනවන ආකාරයට පිරිසිදු වේ.
මී පැණි හා ඇපල්
ඇපල් ගෙඩිය දෙකට කපා ඒ මත මී පැණි තවරා තවත් අතුරුපසක් ලෙස එය අනුභව කිරීමට ඔබට වඩාත් සිත් විය හැකියි.නමුත් ඔබ එවැනි ප්‍රණීත ඇපල් හා මී පැණි දෙකම ආහාරයට ගැනීමෙන් වැළකී සිට එයින් ලැබෙන ප්රතිලාභ ඔබේ මුහුණට යොදා ගන්න.
1. සුරා ගත් ඇපල් ගෙඩියක්
2. කාබනික මී පැණි මේස හැඳි 2 ක්
මෙම සූරා ගත් ඇපල් වලට මී පැණි එකතු කරන්න.එය එකිනෙකට හොදින් කලවම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. ඔබේ මුහුණ මත මෙම ආලේපය (Mask) තවරා විනාඩි 20 ක් තබා ඇල් මැරුණු ජලයෙන් ඔබේ මුහුණ සෝදා හරින්න.
Oatmeal හා බැසිල් කොළ
ඕට් සහ බැසිල් කොළ කුරුලෑ විරෝධී ගුණ වලට ප්‍රසිද්ධ වන අතර මෙය සම විශිෂ්ට ලෙස පිරිසිදු කිරීමට හා සමෙහි ප්රගමනයක් ඇති කිරීම සඳහාත් උදව් වෙනවා.එවා වෙන් වෙන් වශයෙන්ද භවිතා කල හැකියි.(එක අතකට ඕට්ස් හා ජලය බ්ලෙන්ඩ් කරගෙන භවිතා කල හැකි අතර අනෙක් අතට බැසිල් ජලයේ පොඟවා ඉන්පසු දියර ලෙස භාවිතා කල හැකිය) නමුත් සම මත සංවර්ධනය වෙන කුරුලෑ වලට බලපෑමක් ඇති කිරීමට මේ දෙකම එක් කල විට යම් වාසිදායක ප්‍රබල එකතුවක් සාදනවා.
බැසිල් කුඩා මේස හැඳි 2 ක්
ඕට්ස් කෝප්ප 1/3
වතුර කෝප්ප 1/2
උණු වතුර වීදුරුවකට වියලන ලද බැසිල් දමා පොඟවා ගන්න. එය නිවෙනතුරු පැත්තකින් තබා ගන්න.මේ අතර ඕට්ස් ටික ගන්න. එය බ්ලෙන්ඩරයකට දමා සිහින් ව කුඩු කර ගන්න.ඔබේ මුහුණේ ආලේප කල හැකි වන පරිදි ඕට්ස් මිශ්‍රණයට සෙමින් පොගවා ගත් බැසිල් වතුර වත් කරන්න ඝන මිශ්‍රණයක් එනතුරු.සංසරණය වීම වැඩි දියුණු වීම සදහා ඔබේ මුහුණ මෘදු ව මිනිත්තු 3ක් සම්බාහනය කර ගන්න.ඉන්පසුව සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කොට විනාඩි 15ක් පමණ තබා පසුව මුහුණ මත අත රවුමට පිරිමදිමින් මිශ්‍රණය සෝදා ගන්න.
යෝගට් හා ලෙමන්
මෙම දෙවර්ගයේ එකතුවෙන් සමට පෝෂණිය බවක් ලබා දෙයි. එය වියළි බව වළක්වා තෙල් ගතිය අඩු කරයි.මෙය ඕනෑම සමක් සඳහා සුදුසු වේ.විශේෂයෙන්ම තෙල් සහිත සමට.
යෝගට් මේස හැඳි 2 ක්
ලෙමන් යුෂ මේස හැඳි 1ක්
යෝගට් හා ලෙමන් යුෂ හොඳින් මිශ්‍ර කරන්න.සෙමින් සම මත ආලේප කර ගන්න.කුරුලෑ බලපෑමට ලක් වූ තැන් වල වැඩිපුර ආලේප කර ගන්න.එය විනාඩි15-20ක් පමණ තබා ගන්න.පසුව උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගන්න.
morelk.com
(under the courtesy of goodhousekeeping.lk web)